පාලන මිලක් පොල් තෙල් සඳහා

Share

පොල් තෙල් හා අනිකුත් ආහාර පිසීමට ගන්නා තෙල් වර්ග සඳහා පාලන මිලක් නියම කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ. පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරන්න සඳහන් කළේ, පොල් තෙල්වලින් වෙළෙඳුන් අධික ලාභයක් ලැබුව ද පාරිභෝගිකයාට එහි වාසිය අත්නොවන බවයි.

ඒ පිළිබඳව අවධානය යොමුකරමින් අද පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී පාලන මිලක් නියම කිරීම පිළිබඳව සාකච්ඡා කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය. මේ අතර පසුගිය දා මිල ගණන් පහත හෙලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත වේ.

පසුගිය දා අඩු කරන ලද භාණ්ඩ මිල ගණන් පාරිභෝගික සභාවට ද යොමු කර ඇති බවත්, ඒ අනුව නව මිල ගණන් සඳහන් ගැසට් පත්‍රය අද ජීවන වියදම් කමිටුව ද ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට ද නියමිතව ඇත.

මේ අනුව ජීවන වියදම් කමිටුව අද පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතව තිබේ.

Read more

Local News