Home ක්‍රීඩා පුවත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

0
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක්

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සඳහා ඉහළ ආරක්ෂාවක් ලබාදීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

බංග්ලාදේශ කණ්ඩායම නවසීලන්ත තරඟ සංචාරයක නිරත වන අතරවාරයේදී ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන්ගේ ආරක්ෂක කටයුතු සදහා නිලධාරීන් 7 දෙනෙකු යෙදවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ නවසීලන්ත ප්‍රහාරයෙන් පසු ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ප්‍රධාන ගැටළුවක් බවට පත් වී ඇති බවයි.

ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here