විපක්ෂ නායක සහ මාලදිවයින් විදේශ කටයුතු ඇමති හමුවෙයි

Share

මාලදිවයින් විදේශ කටයුතු ඇමති අබ්දුල් සහීඩ් මහතා සහ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

මාලදිවයින් ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස මෙරටට පැමිණ ඇති ඒ මහතා පසුගිය පාස්කු ඉරුදින සිදු වූ මිලේච්ච ත්‍රස්ත ප්‍රහාරය ගැන මාලදිවයින් ජනාධිපතිවරයා හා එරට ජනතාවගේ කණගාටුව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත මෙහිදී පළ කළේය.

එමෙන්ම මෙරට වත්මන් තත්ත්වය සලකා මාලදිවයින් මුහුදු සීමාව උල්ලංඝනය කර එරට අත්අඩංගුවේ පසුවන ධීවරයින් පිරිස සහ ඔවුන්ගේ බෝට්ටු හතරද නිදහස් කිරීමට මාලදිවයින් රජය කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ මාලදිවයින් තානාපති ඕමාර් අබ්දුල් රසාක් , හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාද එක්වූහ.

Read more

Local News