ත්‍රස්ථ පනතක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල හිරකරලා

Share

පොලීසිය ජනාධිපතිවරයා යටතේ පැවතියද පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ක්‍රියාකර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ අවශ්‍යතාව අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිද මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විරසකයක් ඇති වීමට ප්‍රධානතම හේතුව වන්නේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය බවයි.

තමන් ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයෙකු සමඟ එක්කව කටයුතු කරන්නේ කෙසේද යනුවෙන්ද මන්ත්‍රීවරයා පවසයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පැවසුවේ ත්‍රස්ථ පනතක් තුළින් ප්‍රජාතන්ත්‍රවාදයේ ගෙල හිරකර ඇති බවයි.

Read more

Local News