ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

පිළියන්දල, ජඹුරලිය මඩපාත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, දෙදෙනෙකු අතර බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවයි.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබු අදාළ පුද්ගලයා පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මිය ගිය පුද්ගලයා මඩපාත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

Read more

Local News