2020 වනවිට සිසුන් 50,000ක් දක්වා විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කිරීමට බලපොරොත්තු වනවා

Share

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය වැයශීර්ෂ අද (21) පාර්ලිමේන්තුවේ විවාදයට ගැණුනු අතර විවාදයට එක්වෙමින් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාල් ලාල් ග්‍රේරු මහතා පැවසුවේ,

සෑම වරකමදීම සියයට 10%ක විශ්වවිද්‍යාල ප්‍රවේශය වැඩි කිරීම පටන්ගෙන තිබෙනවා. වසර 2015 දී සිසුන් 25,000ක් වුවත් 2015-2016 වසරවලදී රාජ්‍ය විශ්වවිද්‍යල සඳහ 30500ක් දක්ව වැඩිකිරීමට කටයුතු කර ඇතිබවත් එය සියයට 19ක වර්ධනයක් බවද අමාත්‍යවරයා පැවසී ය.

සමස්ත තරුණ පරපුර ලැබූ ජයග්‍රණයනයක්. සිසුන් 5000කින් පමණ වැඩි කරගැනීමට හැකි වුණා. රැකියා ගත කරනන්න හැකි විෂය ක්ෂේත්‍රවල ප්‍රවේශය වැඩි කරන්න කටයුතු කරනවා. විශ්වවිද්‍යාල නැතිකරන්න හදනවා කියනවා. අප රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ප්‍රවේශය වැඩි කිරීමට කටයුතු කරනවා. වසර 2020 වනවිට සිසුන් ඇතුළත් කිරීම 50,000ක් දක්වා වැඩි කිරීමට බලපොරොත්තු වෙනවා. එමෙන් ම විවෘත විශ්වවිද්‍යාලය සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරන බවත් උපාධිය පිළිබඳව පවතින ඇතැම් දුර්මත දුරු කිරීමට අලුත් ප්‍රචාරණයක් ක්‍රියාත්මක කරන්න යටිතල පහසුකම් සළසන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News