බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් පිරිසට අද නිදහස

Share

වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමට තීරණය කර ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රිඩාංගණයේදී අද(18) පෙරවරු 10ට ඔවුන් නිදස් කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ අතර සිරකරුවන් 736 දෙනෙකු සහ රැදවියන් 26 දෙනෙකු සිටින බව සඳහන්ය.

ඒ යටතේ වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්, පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවන් 62 ක්, මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55 ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50ක් සහ පල්ලන්සේන සිර කඳවුරෙන් සිරකරුවන් 53 දෙනකු වශයෙන් බන්ධනාගාර තිහක සිරකරුවන් නිදහස් කිරීමට නියමිත බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පැවසුවේය.

බන්ධනාගාර ඉතිහාසයේ වැඩිම සිරකරුවන් සංඛ්‍යාවක් එකවර නිදහස් කිරීම මෙවර සිදුවන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News