බලන්තොටදී බස් රථයකට යට වී පුද්ගලයෙක් මරුට

Share

ගිනිගත්හේනේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයකට යට වී අද(22) උදැසන පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මෙම අනතුර සිදු වී ඇත්තේ ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ බලන්තොට ප්‍රදේශයේදීය.

අනතුරෙන් මියගොස් ඇත්තේ නාවලපිටිය ශාන්තිපුර ජනපදයේ පදිංචි 74 හැවිරිදි එක්දරු පියෙකි.

මරණකරු ඉදිරිපස දොරෙන් බස් රථයට ගොඩවීමට උත්සහ කිරීමේදි බස් රථයෙන් බිමට වැටී බස් රථයේ වම්පස ඉදිරිපස රෝදයට යට වි බරපතළ ලෙස තුවාල ලබා තිබේ.

පසුව නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඔහු මියගොස් ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය.

පෞද්ගිලක බස් රථයේ රියදුරාව සැකපිට නාවලපිටිය පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News