Home දේශීය පුවත් ප්‍රහාරය ගැන සොයන්න තොරතුරු දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි

ප්‍රහාරය ගැන සොයන්න තොරතුරු දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි

0
ප්‍රහාරය ගැන සොයන්න තොරතුරු දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලයි

පාස්කු ඉරුදින විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳව ‍සොයා බැලීම සඳහා පත් කළ විශේෂ කාරක සභාවට තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම කමිටුව පසුගිය 23 වනදා සිට පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

අදාල ප්‍රහාරවලට පෙර ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු, නීතිය ක්‍රියාත්මක කරන බලධාරින් වෙත ලැබී තිබේද යන්න, එවැනි ප්‍රහාර වැලැක්විමට හෝ ඒවා අවම කිරිමට අදාල බලධාරින් ප්‍රමාණවත් පියවර ගත්තේ ද යන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරිමට නියමිතව තිබේ.

එමෙන්ම ප්‍රහාරවල බලපෑම වැලැක්විමට හෝ අවම කිරිමට නොහැකි වීමට හේතුවූ රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබේද යන්න එවැනි ත්‍රස්තවාදී ප්‍රහාරවලට දායක වූ වෙනත් කරුණු තිබේද යන්න, ත්‍රස්වාදීන්ට අනුබල දුන් ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හෝ ආණ්ඩුකාරවරයෙකුට හේ ඕනෑම පුද්ගලයෙකුට විරුද්ධව ඇති චෝදනා සත්‍ය ද යන්න සොයා බැලීමට නියමිතයි.

අනාගතයේදී එවැනි ප්‍රහාරයන් සිදුවිම වැලැක්විමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න සහ පෙර කී ඊට සම්බන්ධ හෝ ආනුෂංගී වෙනත් කරුණූ පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරිම එම කමිටුවේ කාර්යය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here