Home දේශීය පුවත් අනවසරෙන් මැණික් ගරමින් සිටි 2ක් අත්අඩංගුවට

අනවසරෙන් මැණික් ගරමින් සිටි 2ක් අත්අඩංගුවට

0
අනවසරෙන් මැණික් ගරමින් සිටි 2ක් අත්අඩංගුවට

අද(27) අළුයම අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පැවසීය.

බගවන්තලාව පොලිස් වසමට අයත් බ්‍රිඩ්වෙල් තේ වත්තේ විශාල වලවල් හාරා පස් තුළ වු මැණික් ඉල්ලම් ජාවාරම්කරුවන් ගොඩ ගන්නා බවට ලද තොරතුරක් මත අද බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් සිදු කර මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ තවත් සැකකරුවෙකු පලා ගිය බවත්, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිසිය පැවසුවේය.

මෙම වැටලිමේදි ජාවාරම්කරුවන් විසින් ගොඩගෙන තිබු පස් සහිත මැණික් ඉල්ලම් තොගයක් සහ මැණික් ගැරීමට උපයෝගි කර ගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here