වන අලි පහරින් පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි

Share

නවගත්තේගම-අන්දරවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

අදාළ පුද්ගලයා ඊයේ(28) තවත් අයෙකු සමඟ දර කැපීම සඳහා ගිය අවස්ථාවේදී මෙලෙස වන අලි පහරට ලක්ව ඇති බවයි නවගත්තේගම පොලීසිය පැවසුවේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 57 හැවිරිදි පුද්ගලයෙකි.

වන අලි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් තැනැත්තා දිව ගොස් දිවි බේරා ගෙන ඇති බව වාර්තා වෙයි.

නවගත්තේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන විසින් සිදු කරයි.

Read more

Local News