විරාත් කෝලි වාර්තා අතරට

Share

ජාත්‍යන්තර පිටියේ වේගයෙන්ම ලකුණු 20000 රැස්කළ (ටෙස්ට්/එක්දින හා විස්සයි20) ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

ඒ සඳහා ඔහුට අවශ්‍ය වූයේ ඉනිම 417ක් පමණි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කී ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් හා කොදෙව්හි බ්‍රයන් ලාරා එම දක්ෂතාව දක්වා තිබුණේ ඉනිම 453කිනි.

ලෝක කුසලාන තරගාවලියේ කොදෙව් කණ්ඩායම හා පැවැත්වෙන තරගයේදී කෝලි මෙම වාර්තාව පිහිටවීය.

Read more

Local News