ලෝක කුසලාන තරඟාවලියේ පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙයි.
තරඟය ලෝඩ්ස් හිදී පැවැත්වීමට නියමිතයි.
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් පාකිස්ථාන කණ්ඩායම දැවැන්ත ලකුණු පරතරයකින් ජය ගත යුතුයි.
ලකුණු 300කට වැඩි පරතරකින් ජයගතහොත් පමණක් පාකිස්ථාන කණ්ඩායමට අවසන් පුර්ව වටයට සුදුසකම් ලැබීමට හැකිවන අතර එසේ නොමැති වුවහොත් නවසීලන්ත කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
මේ වනවිට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එංගලන්තය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා සිටියි.