නීතිපති විසින් රතුපස්වල නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

Share

ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධයේ යෙදුණ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙය මහජන කැළඹීමකට හේතුවන සිදුවීමක් බවත් එම සිදුවීමේ සුවිශේෂත්වය සැලකිල්ලට ගෙන විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.

Read more

Local News