ජූලි මස 16 වෙනි දින සවස 4ට තැපැල් වැඩ වර්ජනයක් ක්රියාත්මක කරන බව ලංකා තැපැල් සේවා සංගමය පවසයි.
6/2006 වැටුප් චක්ර ලේඛනයට අනුකූලව ක්රියාත්මක කරන බඳවා ගැනීම් පටිපාටිය නිසා බඳවා ගැනීම්, උසස් වීම්, වැටුප් තල අහිමි කරමින් ඇති බවත් තැපැල් පරිපාලනය හා ආණ්ඩුව තැපැල් සේවකයින් 26000 ක් පමණ වසර 13ක් සිට පීඩනයට පත් කරමින් සිටින බවත් පවසමින් තැපැල් සේවා සංගමය මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එළඹෙයි.
2018 ජූනි මස 11 වන දින සිට දින 16 ක අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්රියාත්මක කළ අතර එහිදී ජනාධිපති විසින් පත් කළ කොමිසමේ යෝජනා ක්රියාත්මක නොකිරීමෙන් තව දුරටත් තැපැල් සේවක ගැටළු නොවිසිදී පැවතීමට හේතුවක් බවත් එම සංගමය පවසයි.
මෙම වැඩ වර්ජනය හේතුවෙන් මහජනතාවට සිදු වන අපහසුතාවලට ආණ්ඩුව හා තැපැල් පරිපාලනය වගකිව යුතු බව ද සංගමය දන්වා සිටියි.



