ගිනි අවි 2ක් අස්ථානගත වෙයි – පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

Share

පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනි අවි දෙකක් අතුරුදන්ව තිබුණේ පසුගිය ජුලි මස 6 වන දිනයි.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ යටතේ මුලික පරීක්ෂණ සිදුකරනු ලැබීය.

ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්‍රහාත් පරණවිතාන මහතා මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.

මෙම වැඩ තහනම ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සිදු කර තිබේ.

Read more

Local News