මාගම්පුර වරායේ කිසිදු සේවකයකුගේ සේවය අහිමි කර නෑ- අමාත්‍ය මහින්ද සමරසිංහ

Share

හම්බන්තොට මාගම්පුර වරායේ කිසිදු සේවකයකුගේ සේවය අහිමි කර නැතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

එහිදී මන්ත්‍රී දිනේෂ් ගුනවර්ධන මහතා සඳහන් කළේ, සේවකයන් 470ක් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවය. ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ, හම්බන්තොට වරායේ සේවය කිරීමේ හැකියාව ඇති බවට ලිඛිතව ඔවුන් වෙත දන්වා ඇති බවත් රැකියා අහිමි කිරීමක් සිදුව නොමැති බවත් ය.

මෙහිදී අඳහස් දැක් වූ කම්කරු හා වෘත්තීය සමිති සඳතා අමාත්‍ය ඩබ්ලිව් .ඩී.ජේ සෙනවිරත්න මහතා කියා සිටියේ, මෙම ගැටළුව සාකච්ඡා කිරීම සඳහා අදාළ පාර්ශව සහ සමාගමේ සභාපතිවරයා සාකච්ඡාවකට කැඳවා ඇති බවය.

Read more

Local News