හෙරොයින් සමඟ කතක් ගල්කිස්සේ දී අල්ලයි

Share

ගල්කිස්ස පොලිස් වසමේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(17) උදෑසන සිදුකළ වැටලීමකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාරි සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 250ක් සොයා ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්ස මාවත, පමුණුගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.

අදාළ සැකකාරිය අද(18) දින ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

Read more

Local News