කැලණිය, වත්තල, ජා-ඇල, ඇතුළු ප්රදේශ රැසකට අද පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇල, පෑලියගොඩ, කටුනායක – සීදුව යන නගර සභා හා ප්රාදේශීය සභාවලට මෙන්ම ගම්පහ ප්රාදේශීය සභා බල ප්රදේශයේ කොටසකට අද පෙරවරු 8 සිට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
විදුලිබල මණ්ඩලයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය වැඩිදුරටත් පැවසීය.



