සජිත්ගේ බලාපොෙරාත්තුව මෙන්න

Share

යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහනින් ග්‍රාමීය ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කර ඇති බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොළඹ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සියලු දෙනා දකින්නේ නිවාස විවෘත කිරීමේ ක්‍රියාවලිය බවත්, නමුත් ඒවා ඉදිකිරීමේ ක්‍රියාවලිය තුළ ගමේ සිටින පුහුණු නුපුහුණු ශ්‍රමිකයාගේ, ආර්ථික ශක්තියක් නිර්මාණය කරන මහා සාධකයක් බවට පත්ව තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එනිසා උදාගම්මාන 20,000 වැඩසටහනේ පළමු පියවර මේ වන විට අවසන් කර ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඒ අනුව ගම්මාන 2500 ක් ආරම්භ කර ඇතැයි ද පැවසීය.

ඊළඟ අභියෝගය වන්නේ එය අවසන් කිරීම බව ද පැවසු අමාත්‍යවරයා,  ඒත් සමඟ දෙවැනි,තුන්වන වටවලදී සීමිත ඉඩම් ප්‍රමාණය තුළ ප්‍රධාන පවුලක් හා අනුපවුලුත් උදෙසා උදාගම්මාන මහල් නිවාස සංකල්පය නව ආකාරයකින් ක්‍රියාත්මක කිරීමට, බලාපොරොත්තු වන බවද කියා සිටියේය.

Read more

Local News