අප්‍රේල් 21 වනදා ශ්‍රි ලංකාවේ විවිධ ස්ථානවල සිදු වු ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි.
අද(26) පෙරවරුවේ එම සභාව රැස්වීමට නියමිතයි.
අද දින පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා මහ බැංකුවේ අධිපතිවරයා සහ නීතිපතිවරයා කාරක සභාව හමුවේ පෙනී සිටින බව වාර්තා වෙයි.
මේ අතර අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව රැස්වෙයි.



