අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා වෙනත් රටවල බුද්ධි අංශයන්ගේ සහයෝගය අවශ්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු එෆ්.බී.අයි ඔත්තු සේවාවේ නිලධාරින් මෙරටට පැමිණ ඇත්තේ අදාල ත්‍රස්තවාදී කටයුතු මැඩපැවැත්වීම සඳහා සහයෝගය පල කිරිමට බවයි.
හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව සම්බන්ධයෙන් ඊයේ පැවැති විවාදයේදී අදහස් දක්වමින් රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
හදිසි නීතිය මසකින් දීර්ඝ කිරිමේ යෝජනාව ඊයේ දිනයේදී වැඩි ඡන්ද 40කින් සම්මත වූ අතර යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් සහ විපක්ෂව ඡන්ද 02ක් හිමි වුණි.
අදාල යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා චෝදනාවක් ඉදිරිපත් කළේය.