දරුවන් පොඩි කාලේදීම හදාගන්න ඕනෙ

Share

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ කටයුතු කිරීමේදී දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කදුරුවෙල ජයන්ති විහාරයේ පැවති සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහනට එක්වෙමින්.

”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 16ක වියදමින් කදුරුවෙල ජයන්ති විහාරයේ ඉදිකෙරුණු නව දෙමහල් ධර්ම ශාලාව සහිත සංඝාවාස ගොඩනැඟිල්ල විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි.

මේ අතර 124වන සමස්ත ලංකා දහම් පාසල් දින සැමරුම් ජාතික වැඩසටහන ද කදුරුවෙල ජයන්ති විහාරයේ දී ඊයේ පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

124 වන සමස්ත ලංකා දහම් පාසල් දින සමරු කලාපය සහ දහම් පාසල් කොඩිය මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර ”දහම් සිසු සවිය” ශිෂ්‍යත්ව ප්‍රදානයද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි.

දහම් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු බවත් හිර ගෙවල්වල අපරාධකරුවන් වැඩිවීමට අහම් අධ්‍යාපනය නොලැබීම හේතුවක් වී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

“දරුවන් පොඩි කාලේදීම හදාගන්න ඕනෙ ලොකු මිනිස්සු හදන්න අමාරුයි.

රටක් හදන්න දරුවො හදන්න ඕනෙ.

දහම් අධ්‍යාපනය ලබන දරුවන්ට අපිට කළ හැකි උපරිම සේවය ඉටු කරනවා.

එනිසා දහම් පාසල් අරමුදලට ලබන සතියේ ලක්ෂ 100ක් දෙනවා දහම් අධ්‍යාපනය ශක්තිමත් කරන්න.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News