කවුරු නැතත් මහින්ද වටේ ජනතාව ඉන්නවා

Share

කවුරු එකතු වුවත් නැතත් මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන්න ඔහු වටා ජනතාව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

රටේ අනාගතය බාර දෙන්න ජනතාවගේ විශ්වාස පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ පොදු ජන පෙරමුණ කෙරෙහි පමණක් බවද මන්ත්‍රීවරයා පවසයි.

ඔහු මේ අදහස් පල කළේ අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින්.

එහිදි අදහස් දැක්වු ඩී.බී.හේරත් මහතා පැවසුවේ සාලින්ද දිසානයකගේ මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟ හිස්වූ පාර්ලිමේන්තු අසුන සඳහා නව මන්ත්‍රීවරයෙකු පත්කිරීම වෙනුවෙන් අනුගමනය කර ඇති ක්‍රියා පළිවෙත අනුමත කළ නොහැකි බවයි.

Read more

Local News