තීරු බදු රහිතව විදෙස් රටකින් ආනයනය කරන ලද විදේශිය සිගරට් 120ක් විකිණීම සඳහා ළඟ තබා ගෙන සිටි ව්‍යාපාරිකයෙකු කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කටුගස්තොට ඉනිගල ප්‍රදේශයේ වෙළඳ සැළක මෙම සිගරැට් විකිණීම සඳහා තබා තිබියදී පොලීසිය කළ සෝදිසි කිරීමකදී මෙම විදේශිය සිගරට් සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
මෙම සිගරට් සමඟ එක් සැකකරුවකද අත්අංගුවට ගනුලැබ ඇති අතර ඔහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදු විර්මශන සිදු කරයි.