බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසුවේ,
7000ක් වැසිකිළි හැදුවා. 2253 නිවාස ප්‍රතිසංස්කරණය කළා. අභ්‍යන්තර මාර්ග හැදුවා. රෝහල් 29ක් ප්‍රතිසංස්කරණය කළා. පවුල්වලට ලක්ෂය බැගින් ආධාර ලබාදුන්නා. උතුරු නැඟෙනහිර දරිද්‍රතාවය අඩු වී තිබෙනවා. අතුරු මාර්ග 53ක් සකස් කළා. 7315ක් පවුල්වලට ජීවනෝපාය මාර්ග සඳහා උපකරණ ලබාදුන්නා. වී මෝල් හතරක්, වාරිමාර්ග ක්‍රම ප්‍රතිසංස්කරණය කළා.
මිලියන 08ක් කිළිනොච්චි වෙළඳපොළට ලබාදුන්නා. ආබාධිත පුද්ගලයන්ට කෘත්‍රීම පාද ලබාදී තිබෙනවා. 2017වසරේ අමාත්‍යාංශය මහන්සි වී වැඩ කළා. කෝවීල් නවීකරණය කළා. පුන්‍යාතන 514ක් ප්‍රතිසංස්කරණය කළා. මේ ගැන වැරැදි තොරතුරු රටට දෙන්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.