අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් ගොවිපවුල්වලට සහන – අගමැති

Share

අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට, කෘෂිකර්මාන්තයට සහන ලබාදීමට කටයුතු කරන බවත් සිදු වී ඇති බලපැම වාර්තා කිරීමට කොමිටියක් සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙන බවත් ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පසුගිය දිනවල රටේ ඇති වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම, කෘෂි කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම සහ රජය මෙයට මුහුණ දීම සඳහා ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සභාව දැනුවත් කිරීම සඳහා අද (08) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ ය.

ඡන්ද දායකයන්, පාක්ෂිකයන් අහන්නේ බදු මිල ගැනයි. විශේෂයෙන් සඳහන් කරන්නේ ආණ්ඩුව ගන්නා පියවර ගැනයි. අපේ රටේ ආහාර සැපයුම් ජාලය කාලගුණය මත සමඟ රදා පවතින්නක්. පසුගිය කලය තුළ දේශගුණික හා කාළගුණික රටාවේ වෙනසක් ඇති වුණා. පසුගිය නොවැම්බර් මස බලාපොරොත්තු වූ මොසම් වැසි ඇති නොවීම නිසා වියළි කාලගුණය ඇති වුණා.

ශ්‍රී ලංකාවේ දේශගුණික වෙනස් කම් ක්‍රමයෙන් වෙනස් වෙනවා. මෙය රටේ ආර්ථිකයට හා ගෘහස්ථ ආර්ථිකයට බලපා තිබෙනවා. සමහර පළාත් වල කන්න තුන හතරක් වගා පාළු වුනා. පොල් ඵලදාව අඩු වුණා. එළවළු වගාව සියයට 30%කින් අඩු වුණා.

2017 උඩරට එළවළු වගාකරන්න හැකි වුණේ උඩරට හෙක්ටයාර් 10712ක්. පහතරට 19000ක් පමණයි. දැනට තිබෙන වර්තා අනුව පොල් ඵලදාව මිලියන 40ක් වුවමානායි. මැයි වනවිට මිලියන එකසිය හතළිහක් අවශ්‍ය
වෙනවා. ආහාර ද්‍රව්‍ය ඉහළ යෑම නිරීක්ෂණය වුණා.

රටේ ජාතික ආර්ථික වර්ධනය අඩුවීමක් සිදු වුණා. නියඟය හා ගංවතුර නිසා සියයාට 4.5% දක්ව අඩු වී තිබෙනවා. කෘෂි අංශයේ සෘණ ලෙස පෙන්වා තිබෙනවා. දේශගුණය සමස්ත ලෝකයට බලපා තිබෙන කාරණයක්. කෘෂිකර්ම රටාවන් වෙනස් වුණා. අනෙක් භෝග වගාවන්ට බලපා තිබෙනවා. ඒ පිළිබඳව කරුණු හොයාගැනීම අපහසු වුණා. මෙතැන ප්‍රශ්නයක් තිබෙනවා. ආණ්ඩුව බාරගන්න ඕන. යථාර්ථය පැහැදිළි කළ යුතුයි. අලුත් අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සූදානම්. පසුගිය දා කැබිනට් රැස්වීමේ දී සකාච්ඡා කළා. තීරණ රැසක් ගත්තා. ඒවා කෙටිකාලීනයි.

සතොස ආයතනයෙන් සහල් ආනයනයට මහා භාණ්ඩාගාරයට අවසර දුන්නා, මෙ.ටො. ලක්ෂ දෙකක් ලබාගන්න. සම්ප්‍රදායිකව ඉන්නවා ආහාර ආනයනය කරන ව්‍යාපාර, මේ අයටත් දෙනවා. සහල් ආනයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ලබන මහ කන්නයේ සාමාන්‍ය අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ජනවාරි මස වනවිට සහල් මිල අඩු කළ යුතුයි. කඩිනම් රටපුරා සහල් බෙදා හැරීමේ ක්‍රමවේදයක් සාකච්ඡා කළා. ඒ අනුව රටට වුවමනා සහල් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

පොල් මද ආනයනය කිරීමට ඉඩ දී තිබෙනවා. පොල් ගෙඩිය ගේන්නේ නෑ.වෙනත් එළවලු ගෙන්න වුවමනා නම්, ගොවිමහතුන්ට හානි නොවන ලෙසයි කරන්නේ. සහනාධාර ලබාදෙනවා, වැලිමඩ ගොවීන්ට හා අනෙක් ප්‍රදේශවල අල ගොවීන්ට සහනාධාර ලබාදෙනවා.

මීට අමතරව අයහපත් කාලගුණ හේතුවෙන් හානියට පත් වූ ගොවිපවුල්වලට සහන ලබාදීමට කොමිටියක් පත් කර තිබෙනවා. කෘෂිකර්මාන්තයට සිදුවී ඇති බලපැම සොයා වාර්තා කිරීමට, අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කර තිබෙනවා.

අද බෙදා හැරීමේ යාන්ත්‍රණය පෞද්ගලික යාන්ත්‍රණයක් තිබෙන්නේ. සියල්ල එකතු කරගෙන අලුත් බෙදාහැරීමේ ජාලයක් ඇතිකරගන්න තිබෙනවා. බෙදා හැරීමේ යම් ප්‍රශ්නයක් තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයට මුහුණ දීම සඳහා ලබන සතියේ අදාළ සියලු පාර්ෂව සමඟ ආර්ථිකය සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ආර්ථිකය සූදානම් කිරීමට අලුත් යාන්ත්‍රණයක් සකස් කරගත යුතු වෙනවා. සභාව මේ ගැන සාකච්ඡා කරන එක හොඳයි. දේශගුණය වෙනස් වීමෙන් ආර්ථිකය අඩාල වෙන්න දෙන්න බෑ. වාර්තා ලැබුණාම සභාව දැනුවත් කරන්නම්. ජනවාරි පෙබරවාරි වන විට මේ තත්ත්වය පාලනය කරනවා. කෙටි කාලීන හා මධ්‍යම කාලීන හා දීර්ග කාලීන පියවර ගත යුතුයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Read more

Local News