අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු අද (12) දින පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් බවත්, එසේම විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින්ගෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලා සිටියි.