නව මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද දිවුරුම් දෙයි

Share

අද (17) පාර්ලිමේන්තුවේ කටයුතු පස්වරු 01.00 ට ආරම්භවීමට නියමිතව තිබේ.

අද දිනයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා පැවසුවේය.

ඩී.බී. හේරත්, මනෝජ් සිරිසේන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් මෙලෙස මන්ත්‍රී ධුරවල දිවුරුම් දීමට නියමිතව තිබේ.

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා ඩී.බී. හේරත් මහතා පත්වීමට නියමිත අතර චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මනෝජ් සිරිසේන මහතා පත්වීමට නියමිතයි.

ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා ඒ මහතාම යලි පත් කිරීමට සන්ධාන මහ ලේකම්වරයා පසුගියදා තීරණය කර තිබුණි.

Read more

Local News