ගල්ගමුව, දළ පූට්ටුවාගේ ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 09 දෙනා මේ මස 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඒ ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
සැකකරුවන් අතර ග්‍රාම නිලධාරීවරුන් තුන්දෙනෙකු සිටින අතර දැනට අධිකරණ භාරයේ පවතින ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඇත් දළ යුගල සහ ගජමුතු විමර්ශනය සඳහා කොළඹට රැගෙන ඒමට අවසර ලබාදෙන ලෙසට කළ ඉල්ලීම ඊයේ මහව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කලේය.