අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන තෙක් රජයේ රැකියා සඳහා පත්වීම් ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිසම දුන් උපදෙස් අනුව පත්වීම් ලබා දීමට නියමිතව තිබු සංවර්ධන සහකාර සහ තාක්ෂණ සහකාර තනතුරු ඇතුළු රාජ්‍ය සේවයේ තනතුරු ගණනාවක් සඳහා වන පත්වීම් ප්‍රදානය අත්හිටුවන ලෙසයි.
මැතිවරණ කොමිසමේ ඉල්ලිමට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා මෙම දැනුම් දීම සිදු කෙළේය. උතුරු නැඟෙනහිර ඇතුළු දිවයිනේ විශ්වවිද්‍යාලවලින් පිට වූ උපාධිධාරින් දස දහසක් විභාගවලට මුහුණ දීමෙන් පසු සම්මුඛ පරීක්ෂණවලින් රැකියා සඳහා තෝරා ගෙන තිබුණි.