ශ්‍රී ලංකා රජයේ ආරාධනාවකට අනුව මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී මොහොඩ් නජීබ් ටන් අබ්දුල් රෂාක් මහතා සහ එම ආර්යාව හෙට (17) දිවයිනට පැමිණීමට නියමිතය.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඔවුන් 19දා මැලේසියාව බලා පිටත්ව යාමට ද නියමිතව ඇත.
ශ්‍රී ලංකාවට පැමිණෙන මැලේසියානු අගමැතිවරයා සහ එම ආර්යාව ශ්‍රී ලංකාවේ ගත කරන කාලය තුළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරු ප්‍රධාන මැති ඇමැතිවරු මෙන් ම රජයේ ඉහළ පෙළ නිලධාරීහු විශාල පිරිසක් හමුවීමට නියමිතව ඇත.