පළාත් පාලන ආයතන 248කට නාම යෝජනා බාර ගැනීම ආරම්භ වූ ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා පොලිසියේ පහලොස්දහසක පිරිසක් රට තුළ සාමය ආරක්ෂෘ කිරීමට යොදවා තිබේ.
එම පළාත් පාලන ජන්ද විමසිමේ අඥා පනතට අනුව රටේ කිසිම ස්ථෘනයක කිසිම ආකාරයකින් මැතිවරණ පෙළපාලි පැවැත්වීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ.
යම් පිරිසක් විසින් පොලිස් අණ නොතකා යම් ආකාරයකින් පෙළපාලි පැවැත්වුවහොත් එම පිරිස ඍජුවම නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ විසින් අත් අඩංගුවට ගෙන මැතිවරණ කාලය අවසන් වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමක් සිදුවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසිය.
මේ ආකාරයෙන් පොලිසිය විසින් පෙළපාලි වලට එරෙහිව මේ ආකාරයෙන් නිති තදින් ක්‍රියාත්මක කරනු ලබන්නේ මැතිවරණ පැවැත්වීමට අදාළ ඉතිහාසයේ වැඩිම අපරාධ සිදුවී තිබෙන්නේ පෙළපාලි පැවැත්වීම නිසා බව අපරාධ වාර්තා පෙන්වා දෙයි.
ඊට අමතරව ජන්ද ප්‍රචාරක වැඩ සඳහා පොලිතින් යොදා ගැනීමද සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරියත් පාරිසරික පොලීසියත් එක්ව ඇති බව විශේෂයෙන් සඳහන් කරයි.