ඔස්ට්‍රේලියාවේ ඩයිනෝසරයකුගේ පාද සටහනකට හානි

Share

වර්ෂ මිලියන 115ක් පැරණි යැයි සැලකෙන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා හි ජාතික උද්‍යානයක තිබූ ඩයිනෝසරයකුගේ සෙන්ටිමීටර් 30ක් පමණ පළල පාද සටහන් කොටසකට කිසියම් පිරිසක් විසින් හානි සිදුකොට ඇති බවට වාර්තා වේ.

2006 වසරේදි පොසිල විද්‍යාඥයින් විසින් වික්ටෝරියා හි ගල්තලාවක තිබී මෙම තියරපොඩ් ඩයිනොසර් පාද සටහන් සොයාගෙන තිබුණි.

ඩයිනෝසරයන්ගේ පොසිල සම්බන්ධයෙන් ප්‍රකට ප්‍රදේශයක් වූ එය අයිස් යුගයෙහි ඩයිනෝසරයන් ලොව වාසය කල ප්‍රදේශ කිහිපයකින් එකක් බව සදහන් ය.

Read more

Local News