නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරාල මහත්මිය සහ බුද්ධ ශාසන නව අමාත්‍යවරයා ලෙස  ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා පත්කෙරේ

බුද්ධ ශාසන නව අමාත්‍යවරයා ලෙස  ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා සහ නව අධිකරණ අමාත්‍යවරිය ලෙස තලතා අතුකෝරාල මහත්මිය අද (25) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දීම සිදු වූ අතර මේ අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව සිටියහ.
Previous articleමත්පෙති සහ මත්ද්‍රව්‍ය වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙළකට ජනපතිගෙන් උපදෙස්
Next articleදිවයිනේ දකුණු අර්ධයට පැයට කිලෝමීටර් 40 – 50 පමණ විය හැකි තද සුළං