අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07කට ස්ථාවර මිලක් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා

Share

උත්සව සමය වෙනුවෙන්, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 07කට ස්ථාවර මිලක් නියම කිරීමටත්,  එම ආහාර ද්‍රව්‍ය ස්ථාවර මිල ගණන් යටතේ ලංකා සතොස වෙළෙඳසැල්වලින් සහ සුපිරි වෙළෙඳසැල්වලින් ද ලබා ගැනීමේ පහසුකම් සැලසීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාශය පියවර ගෙන තිබේ.

එම අමාත්‍යංශය සඳහන් කළේ, සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 71කට, නාඩු සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 74 ක මිලකටත්,

ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් රුපියල් 135 කටත්, සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 100ක මිලකටත්, අල කිලෝග්‍රෑම් එකක් රුපියල් 139 කටත් මිලදී ගැනීමට හැකි බවයි.

මේ අතර සැමන් ග්‍රෑම් 425 ටින් එකක් රුපියල් 127 ක මිලකටත්, පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 124කට සහ හාල් මැස්සන් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 515ක ස්ථාවර මිලක් නියම කර ඇත.

සම්බා සහ සුදු කැකුළු මිල ගණන් ස්ථාවර නොවුනහොත්, එම සහල් වර්ග දෙක සඳහා පාලන මිලක් නියම කරන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

මෙම ස්ථාවර මිල ගණන් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක කරන්නැයි ජීවන වියදම් කමිටුව විසින් උපදෙස් ලබාදී ඇත.

අමාත්‍යාංශය පැවසුවේ, ස්ථාවර මිල ගණන් ඉක්මවා ආහාර ද්‍රව්‍ය අළෙවි කරන්නන් සොයා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පියවර ගනු ඇති බවයි.

Read more

Local News