ලෝකවාසීන්ගේ කුස පිරවීමට අවශ්‍ය ආහාර අවශ්‍යතාව මේ සියවස අවසානය වන විට 80%න් ඉහළ යා හැකි බව අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.
ශරීර ස්කන්ධ දර්ශකය ඉහළ යාමේ ප්‍රවණතාවෙහි ප්‍රතිඵලයක් වශයෙන් පුද්ගලයෙකුට වැඩි කැලරි ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇති බව ජර්මනියේ පර්යේෂකයින් පිරිසක් විසින් පෙන්වා දෙනු ලැබ තිබේ.
එසේ අවශ්‍ය වන්නා වූ කැලරි ප්‍රමාණය සපුරාලීමට නොහැකි වුවහොත් එය මහා පරිමාණ ගෝලීය විෂමතාවකට මග පාදනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.
මේ පිළිබඳ කෙරුණු අධ්‍යයනයේ ප්‍රතිඵල Plos One නම් වූ සඟරාවේ පළකර තිබේ.
ගොටින්ගන් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් විසින් කරන ලද එම අධ්‍යයනයේදී කළ ගණනය කිරීම් අනුව පෙනී ගොස් තිබෙන්නේ 60%ක කැලරි ප්‍රමාණයේ ඉහළ යාම ලෝක ජනගහන වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නක් බවය.
එක්සත් ජාතීන්ගේ ලෝක ජනගහන ඇස්තමේන්තුවලට අනුව කියැවුණේ, 2010 දී බිලියන හතක් පමණ වන ජනගහනය 2100 දී බිලියන 11 දක්වා ඉහළ යා හැකි බවකි.
එහෙත්, 2010 මට්ටම්වලට අනුව 18% ට වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙනු ඇත්තේ ගෝලීය ජනගහනයේ උස හා බර පිළිබඳ අගයන්වල ප්‍රක්ෂේපිත වැඩිවීමකිනි.
කෙසෙල්ගෙඩියක්ද? දෙකක්ද?
“ශරීර ස්කන්ධ දර්ශකය හා උස වැඩිවීමක් වෙතැයි අනුමාන කරනවිට, අපගේ ඇස්තමේන්තුවලට අනුව 2010 හා 2100 අතර කාලය තුළ පුද්ගලයෙකුගේ සාමාන්‍ය දෛනික ශක්ති අවශ්‍යතාව කිලෝ කැලරි 253න් වැඩිවෙනවා.” යැයි අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන ලෝක එළවලු මධ්‍යස්ථානයේ ලුට්ස් ඩිපෙන්බුෂ් පැහැදිලි කළේය.
බීබීසී ප්රවෘත්ති වෙත ඔහු කියා සිටියේ “ගෝලීය වශයෙන් සලකන විට, අපේ ආකෘතියට ගැනෙන ශරීර ස්කන්ධ දර්ශකය හා උස වැඩිවීමේ බලපෑම ගණනය කළ විට පෙන්නුම් කළේ 2010 වසරේදී ඉන්දියාව හා නයිජීරියාව යන රටවල් දෙකම එකතු කළ විට එහි අවශ්‍යතාවට සමවන තරමේ අමතර කැලරි අවශ්‍යතාවකට මග පාදන බවයි.” යනුවෙනි.
යමෙකුගේ දෛනික ආහාරයේ කැලරි 253ක් ඉහළ නැංවීම සමකරන්න කෙබඳු ආහාරයකට හැකිවේද යන්න පැහැදිලි කිරීමේදී ආචාර්ය ඩිපෙන්බුෂ් කියා සිටියේ බැදපු අර්තාපල් තීරු (ෆ්‍රෙන්ච් ෆ්රයිස්) හෝ අමතර ලොකු ප්‍රමාණයේ කෙසෙල්ගෙඩි දෙකක් ආහාර වට්ටෝරුවට එක්කර ගැනීමට සිදුවනු ඇතැයි කියාය.
ආචාර්ය ඩිපෙන්බුෂ් හා ගොටින්ගන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීවන් ක්ලාසන් පැවසුවේ ඔවුන්ගේ ආකෘතිකයෙන් පෙන්වා දෙන පරිදි ගෝලීය කැලරි අවශ්‍යතාවයේ මෙවැනි වැඩිවීමක වැඩි බලපෑමට උප සහරා කලාපයේ රටවල් හසුවනු ඇත.
එම කලාපයේ ජනගහන වර්ධන වේගය සීඝ්රයෙන් ඉහළ යාමේ තත්ත්වය තුළ දැනටමත් එහි කැලරි අවශ්‍යතාවේ තීව්ර ඉහළ යාමක් පෙන්වන බව ඔහුවූ පෙන්වා දෙති.
වැඩි ශක්ති ප්‍රමාණයක් සඳහා ඉහළ යන මේ ඉල්ලුම සපුරාලීමට ගෝලීය ආහාර ප්‍රතිපත්තිය අපොහොසත් වුවහොත් ආහාර හා ආර්ථික අසමානකම අවුළුවාලීමට ඉඩ ඇති බවට පර්යේෂකයෝ අනතුරු අඟවති.
ඉහළ යන ආහාර ඉල්ලුම, ආහාර මිල ඉහළ යාමකට ඉඩ සකසන බවට ද එම අනතුරු ඇඟවීමේ සඳහන් වේ. මේ වැඩිවීම දරාගැනීමට ධනවත් ජාතීන්ට හැකිවන අතරේ දුගී ම ජාතීන් ඒ සම්බන්ධයෙන් අරගලයක යෙදෙනු ඇත්තේ තවදුරටත් මන්දපෝෂණයට තල්ලු වෙමිනි.