ශතවර්ෂයේ බොක්සිං තරගයේ ජය ඇමෙරිකානු ජාතික ෆ්ලොයිඩ් මේවෙදර්ට

නොබිඳුණු බොක්සිං වාර්ථාවක් සහිත බොක්ෂිං ශූර ෆ්ලොයිඩ් මයීවඩර් (Floyd Mayweather) සහ දෙවරක් UFC මල්ලවපොර ශූර ලෝකශුරයා වන කෝනර් මැක්ග්රෙගොර් (Conor McGregor) අතර ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර පැවති ශතවර්ෂයේ බොක්ෂිං තරගය අද පෙරවරුවේ ලාස් වේගාස් හි දී පැවැත්වුනා. ඒ ඇමෙරිකානු ජාතික ෆ්ලොයිඩ් මේවෙදර්ට ට ජය හිමි කර දෙමින්.

අතිශය තියුණු මුහුණුවරක් ගත් තරග‍යේ දෙදෙනාම කරට කර සටන් කළ අතර ලොව ප්‍රකට ගාඩියන් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළ ලකුණු පුවරුව දැක්වුනේ 87-84 ලෙසයි. මෙම තරගය ෆ්ලොයිඩ් මේවෙදර්ගේ ක්‍රිඩා ඉතිහාසයේ 50 වන තරගය වන අතර ඒ අනුව මේවෙදර් සිය වෘත්තිය දිවියේ තරග 50ම ජයගෙන වාර්තාවක්ද තැබුවා.

කොනර් මැග්ග්‍රෙගර් සහ ෆ්ලොයිඩ් මේවෙදර් අතර මෙම තරගය උදෙසා බෙදි ගිය මුදල ඇ.ඩො.මි 500ට අධිකයි. එය ක්‍රිඩා ඉතිහාසයේ මිළ අධිකම බොක්ෂිං තරගය ලෙසද වා‍ර්තාවකට හිමිකම් කියනවා.

මෙයිව්වෙදර් හැදින්වෙන්නේ මෙතෙක් ජීවත් වූ හොඳම ආරක්ෂක බොක්සිං ක්‍රීඩකයා ලෙසයි. 2015 වෘත්තීමය බොක්සිං ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ඔහු මෙම තරගයෙන් පසු මාධ්‍ය වෙත පැවසුවේ තම ජීවිතයේ අවසාන තරඟය මෙය බවයි.

Previous articleකොරියානු විභාගයට ඉදිරිපත් විය නොහැකි වූ අපේක්ෂකයින්ට තවත් අවස්ථාවක්
Next articleගංවතුර හා නායයෑම් නිසා ආපදාවට ලක් වු ජනතාවට ඉඩම් ලබාදීම ඇරඹේ