ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා, එම තනතුරින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
2015 වසරේ දී පසුගිය රජය බලයට පත්වීමත් සමඟම වජිර විජේගුණවර්ධන මහතා අදාළ තනතුරට පත්විය.
මේ අතර සුරැකුම්පත් කොමිසමේ අධ්යක්ෂවරයෙකු වන චින්තක මෙන්ඩිස් මහතා නව අධ්යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කරනු ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.