ආත්ම විශ්වාසයෙන් ක්‍රීඩා කරන බව මාලිංග කියයි

Share

ඉදිරි තරගාවලි තුළදී ආත්ම විශ්වාසයෙන් සහ අවදානයකින් යුතුව ක්‍රීඩා කිරීමට හැකි කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසයි.

 

අද (04) තරගය පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 7ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා – කොදෙව් කණ්ඩායම් අතර මේ දක්වා විස්සයි විස්ස තරග 9 පවත්වා ඇති අතර ඉන් තරග 6ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කර තිබේ.

Read more

Local News