මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරව පවත්වා ගන්න තීරණයක්

Share

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (2020 මාර්තු 04) පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

 

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 6.50 සහ සියයට 7.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 5.00% මට්ටමේ නොවෙනස්ව  පවතී.

Read more

Local News