ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවෙමින් පවතින බැවින් එම අඩුවීමේ සහනය ජනතාවට ලබා දීම සඳහා මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (09) අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක් සඳහා එක්වෙමින්.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා,
”මම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් මන්ඩලය දැනුවත් කරලා අපට ලැබෙන වාසිය ජනතාව අතරට ලබා දෙන්න කටයුතු කරනවා.
මේ ගැන විපක්ෂය අපට මතක්කරල දෙන්න උවමනාවක් නෑ මොකද මේ රජය ජනතාවාදී රජයක් ,ජනතාවගේ ප්‍රශ්න දන්නා රජයක් විදියට අපිට හැකි සෑම අවස්ථාවකදීම එම සහන ලබාදෙන්න කටයුතු කරනවා.”
එමෙන්ම මේ වනවිටත් බදු සහන වගේම වෙනත් සහන රාශියක් රටේ ජනතාව වෙත ලබා දී තිබෙන බවත් ඒ සියල්ල සැලකිල්ලට ගෙන රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන් සහන ඉදිරි කාලයේදී ලබා දෙන්න කටයුතු කරන බවද අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී අවධාරණය කළේය.