බොරතෙල් බැරලයක මිල සීඝ්‍රයෙන් පහලට

Share

කොරෝනා වෛයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් ලෝක වෙළඳපලේ තෙල් මිල ගණන් සීඝ්‍ර ලෙස පහල බසිමින් තිබේ.

 

ඒ අනුව අද(09) දිනය වනවිට ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල  අමෙරිකානු ඩොලර් 32ක් දක්වා පහල ගොස් තිබුණි.

පසුගිය 6 වැනිදා වනවිට ලෝක වෙළඳපලේ තෙල් මිල  5 %කින් පහළ ගිය අතර අද වනවිට එය 27 % කින් පහල ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය 6 වැනිදා වන විට  අමෙරිකානු ඩොලර් 50 ක් ලෙස වාර්තා වූ ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල අද වනවිට අමෙරිකානු ඩොලර් 32ක් දක්වා පහල ගොස් තිබුණි.

1991 වසරෙන් පසු දිනක් තුළ වාර්තා අවම අගය ලෙස මෙය වාර්තා වෙයි.

කොරෝනා වෙෙරසය ව්‍යාප්තවීම හේතුවෙන් චීනයේ පවතින  ඛනිජ තෙල් ඉල්ලුම පහළ යාම ලෝක වෙළඳපලේ තෙල් මිල මෙලෙස කඩා වැටීමට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මේ අතර ඛනිජ තෙල් නිෂ්පාදනය සීමා කරන්නැයි ද ඔපෙක් සංවිධානය පසුගිය දා නිර්දේශ කළද එවැනි තීරණයක් ගැනීම ප්‍රමාද කරන්න ලෙස රුසියාව ඉල්ලා සිටියි.

මේ අතර ලෝක වෙළෙඳ පොලේ ඉන්ධන මිල ගණන් වලට සාපේක්ෂව මෙරට මිල සංශෝධනයක් සිදු කිරීම පිළිබඳව මේ සතියේ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කරන බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

Read more

Local News