කුසල් ජනිත් සහ වනිඳු සති 06ක් පිටියෙන් ඉවත් වෙයි

Share

පාදයේ ආබාධයකට ලක් වූ තුන් ඉරියව් කී‍්‍රඩක වනිඳු හසරංගට සති 06 ක් කි‍්‍රකට් පිටියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේය.

ඔහු මෙලෙස ආබාධයට ලක් වූයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරඟයේ පන්දු රකිමින් සිටියදීයි.

ඔහුට සතියක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් උපදෙස් ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

වනිඳු හසරංග කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරඟාවලියේ වීරයා ලෙස ද සම්මාන හිමි කරගත්තේය.

කුසල් ජනිත් පෙරේරා ද දෙවන පන්දුවාර 20 කි‍්‍රකට් තරගයේදී ඇඟිල්ලක ආබාධයකට ලක් වුණි.

සුළු අස්ථි බිඳීමක් සිදුව ඇති බැවින් ඔහුට එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කිරීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

Read more

Local News