ඔලිම්පික් ක්‍රිඩාඋළෙල අවලංගු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දැනුම්දීමක් සිදු කළ හොත් එය නතර කිරිමට සිදු වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.
ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් වලට අනුව කටයුතු කරන බවයි.
2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල ජපානයේ ටෝකියෝ හිදි පැවැත්විමට සැලසුම් කර තිබේ.
මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ලන්ඩන් මැරතන් තරගය ද ලබන ඔක්තෝබර් මාසය දක්වා කල්දැමිමට තීරණය කර ඇති බව වාර්තා වේ.
අප්‍රේල් 26 වනදින පැවැත්විමට සැලසුම් කර තිබූ ලන්ඩන් මැරතන් තරඟය ඔක්තෝබර් 04 දක්වා කල්දැමීමට තීරණය කර තිබේ.