මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක් අත්අඩංගුවට ගැනීමට මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කටයුතු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත අදාල ව්‍යාපාරික ස්ථානය විමර්ශනය කිරීමට මොරවක කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක H.L.රචිත මහීෂාන් මහතා සහ පිටබැද්දර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක S.W.අමිල සාරංග මයා විසින් කටයුතු කර ඇත.
එහිදී කිලෝ ග්‍රෑම් 50ක් පමණ වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අදාල පරිප්පු තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම පරිප්පු අලෙවි කළ මොරවක නගරයේ ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට ද ඔවුන් කටයුතු යොදා ඇත.