ඔලිම්පික් කල්දැමීම පිළිබද තීරණය සති 4ක් තුළ

Share

2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි සති 4ක කාලය තුළදී තීරණයක් ගැනිමට නියමිත බව වාර්තා වෙයි.

 

ජාත්‍යන්තර ඔලිම්පික් විධායක කමිටුව ඊයේ රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව කොරෝනා වෛරසයෙන් ක්‍රීඩා තරගාවලි රැසක් අවලංගු කළ පසුබිමක මේ වන තෙක් කල්දැමිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් එකම ක්‍රීඩා තරගාවලිය 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලයි.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය කල් දමන ලෙසට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් ජාතික ඔලිම්පික් කමිටුවට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව රැස් වු ඔලිම්පික් විධායක කමිටුව සඳහන් කර තිබෙන්නේ ජුලි මස 24 වැනිදා ආරම්භ වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ න්‍යාය පත්‍රය සැලසුම් කිරීම ආරම්භ කර ඇති අතර ඊට තරගාවලිය කල් දැමීම ඇතුළත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එහිදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බච් සඳහන් කර තිබෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල්දැමීම අතිශය සංකීර්ණ තීරණයක් වන අතර, එසේ සිදු කළහොත් එය 11000ක් පමණ වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඔලිම්පික් සිහිනය විනාශ කිරීමක් බවයි.

Read more

Local News