මැලේසියාවේ මීළඟ මැතිවරණය මේ වසරේ අගෝස්තුවේ දී පැවැත්වීමට නියමිත නමුත් බහුතර විශ්වාසය වී ඇත්තේ මාර්තු මාසය වන විට මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි.
මේ අතර මැලේසියාවේ හිටපු අගමැතිවරයකු වන මහතීර් මොහමඩ් මහතා සිය 92 වැනි වියේ දී නැවතත් දේශපාලනයට අවතීර්ණවීමට තීරණය කර තිබේ. ඒ මැලේසියාවේ මීළඟ මැතිවරණයේ දී විරුද්ධ පක්ෂය වෙනුවෙන් අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමිනි.
වසර 22ක් තම රට වෙනුවෙන් සේවය කළ ඔහු 2003 වසරේ දී විශ්‍රාම ගියේය. විශ්‍රාම සුවයෙන් ගත කළ යුතු කාල සීමාවක නැවතත් දේශපාලනයට පැමිණීමට තීරණය කළේ ඇයි දැයි විදෙස් මාධ්‍ය ප්‍රශ්න කිරීමේ දී ඔහු කියා සිටියේ,
“එය තමන්ට පැවරී ඇති රාජකාරියක් ලෙස තමා සිතන බවත් තමන් ගැන පමණක් සිතමින් මුදල් සොරකම් කරමින් ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන පිරිසට මේ රට විනාශ කිරීමට ඉඩ දිය නොහැකියි” බවයි.