Tuesday, March 19, 2024.

පස් වසරක පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 28ක්

Share

යහපත් සෞඛ්‍යයක් උදෙසා පෝෂණීය ආහාර රටාවක් තිබිය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ ආහාර මිල දී ගැනීමේ දී මුදලට වටිනාකමක් ලබාදිය හැකි ආහාර මෙන්ම සෞඛ්‍ය සම්පන්න ආහාර භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු බවයි.

“Health Sector Cost of National Nutrition Programme of Sri Lanka” යන වාර්තාව එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විනි.

සෞඛ්‍ය සහ පෝෂණය වෙනුවෙන් රජය විශාල මුදලක් වෙන්කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට 2016 අයවැය මගින් වෙන් කළ මුදලින් රුපියල් මිලියන 100 ක් පමණ සෞඛ්‍ය සහ පෝෂණය ප්‍රවර්ධනය වෙනුවෙන් වෙන් කර තිබෙන බව ද සඳහන් කළේය.

එමෙන්ම යුනිසෙෆ් සහ තවත් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලාංකික ජනතාවගේ පෝෂණීය තත්ත්වය නංවාලීම උදෙසා විශාල මුදලක් වෙන්කර තිබෙන බවත් තව ද අයහපත් සෞඛ්‍ය පුරුදු ඉවත් කිරීම උදෙසා ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බවත් පෙන්වා දුන්නේය.

දුම්පානය අවම කිරීම සඳහා ද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙන අතර, පැණිබීම සඳහා වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වාදීම ද වැදගත් වන බවත් ඉදිරි වසර 05 සඳහා ජාතික පෝෂණ වැඩසටහන වෙනුවෙන් විශාල මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එම මුදල රුපියල් බිලියන 28.2 ක් පමණ වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News