කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ.
අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හමුවේ විවෘත කිරිමේ දිනය කල් දැමීමට තීරණය කළ බව වෙළඳ සංගමය සඳහන් කළේය.
මැනිං වෙළද පොළ වෙළද සමිතියේ ජාතික සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මේ බව පැවසීය.